ෆ්‍රී වයිෆයි දෙන්න කතා කළ රටේ ෆෝන් එක චාර්ජ් කරගන්න කරන්ට් නෑ! – ඉංජිනේරු සංජීව අනූපම (video)

April 11, 2019 at 11:19 am | by admin

මේ රටේ විදුලිබල අර්බුදය ආශීර්වාදයක් කරගත් පිරිසක් සිටින බවත් රටේ වායු දූෂණය වැඩි සාම්පූර් බලාගාරය පිහිටි පුත්තලමේ ද කොළඹ ද යන්න තමා විමසන බවත් වරලත් ඉංජිනේරු සංජීව අනූපම පවසයි.

අප්‍රේල් මස 10 වෙනි දින පැවති වියත්මග මාධ්‍ය හමුව අමතමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

විදුලි කප්පාදුව රටේ ජනතාවට ඇතුළු සමස්ත ආර්ථික පද්ධතිවලට බලපා තිබෙනවා. රටේ විදුලි පනතට අනුව විදුලි බලය සැපයීම රජයේ වගකීමක්. නමුත් රජය අද ජනතාවට අවශ්‍ය විදුලිය ලබාදීමට අපොහොසත් වෙලා.

1983 දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ජල විදුලිය නිපදවලා අතිරික්තය ඉන්දියාවටත් දෙන්න පුළුවන් කියලා පුරසාරම් දෙඩුවා. නමුත් තවමත් සියයට 15 කට විදුලිය දෙන්න අපොහොසත් වෙලා තිබෙනවා. රටේ වැඩිවන විදුලි ඉල්ලූමට සැපයීමක් ලබා දෙන්න පුරෝකථනයක් හෝ සැලසුම් තිබුණේ නැහැ. මීට වසර 5 – 6 කට පෙර සියයට 98 කට විදුලිය අඛණ්ඩව සැපයූ රටක්.

වයිෆයි නොමිලේ දෙනවා කිව්වා. නමුත් ජංගම දුරකථනය චාර්ජ් කරන්නවත් අද විදුලිය නැහැ. සාම්පූර් බලාගාරය නතර කළා. සූර්ය බලයෙන්, සුළං බලයෙන් විදුලිය නිපදවන්න පුළුවන්. සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය නතර වෙලා. එමගින් අපට අවශ්‍ය පරිදි විදුලිය ලබාගත හැක්කේ ස්වභාවධර්මයට අනුවයි. එවැනි ක‍්‍රමවේදවලින් විදුලිය ලබා ගන්නවා නම් යම් ක‍්‍රමවේද තිබෙනවා. හොඳින් වැසි හෝ සුළං ලැබෙනවා නම් එමගින් විදුලිය ලබා ගන්න පුළුවන්.

අද සාම්පූර් බලාගාරය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. පරිසර පනතට අනුව නිසියාකාරව බලාගාර ඉදිකරනවා නම් ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එදා ගල් අඟුරුවලට චෝදනා කළ ඇතැමුන්ට නොරොච්චෝලේ බලාගාරයේ ප‍්‍රතිඵල අද පේන්නේ නැහැ.

මෙරට වායු දූෂණය වැඩිම පුත්තලමේද? නැහැ කොළඹ. රථවාහනවලට විශාල වශයෙන් ඉන්ධන බලශක්තිය භාවිත කරනවා. මේකට හොඳම විකල්පය තමයි දෙමුහුන් වාහන භාවිත කිරීම. නමුත් දෙමුහුන් වාහනවල බදු අඩු කරලා තිබෙනවාද? විදුලි කප්පාදුව ආශිර්වාදයක් කරගත් කොටස් ඉන්නවා. නමුත් අපට ඉංජිනේරුවන් වශයෙන් මේවාට විසදුම් දීමට රජය අපොහොසත් වී තිබෙන බව පේනවා.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස