ළමයි අවුරුදු දෙකක් ඉස්කෝලේ නාවට අපට කමක් නෑ..! වහා ම ගුරු වැටුප් ඉහළ දමනු…! නැත්නම් අපි උගන්වන්නේ නෑ…! ගුරු සංගම්…

September 25, 2021 at 7:45 pm | by emanisa.lk

පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.

පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බව අද (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි නියෝජිතයෝ අවධාරණය කළහ.

මේ ගැටලුව නොවිසඳා ළමුන් 200ට අඩු පාසල් 5000ක් ඔක්තෝබර් 06 විවෘත කරන්න සූදානම් වුවත් වෘත්තිය අරගලය විසඳන තුරු තමන් පාසල් නොපැමිණෙන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කරති.

පාසල් විවෘත කිරීමට පෙර කළ යුතු ප්‍රධානතම දේ ගුරු වැටුප් ගැටලුව විසඳීම බව ප්‍රකාශ කළ ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් එසේ නොකළහොත් තමන් දැවැන්ත තීන්දුවක් ගන්නා බවට අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *