හොරු අල්ලන්න එන්නේ උපතින්ම හොරු…! ඔවුන් දූෂණ විරෝධි පිළේ ඉඳං කරන්නෙත් හොරකම්..! – දිලිත් ජයවීර

July 21, 2023 at 9:33 am | by emanisa.lk

රටේ එතරම් කතා බහට ලක් නොවුණ ද තමන් නියෝජනය කරන පෞද්ගලික අංශය ද ඉතා ම දූෂිත බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

රට වෙළාගෙන ඇති දූෂිත වළල්ලෙහි තමන්ගේ දායකත්වය පිළිබඳ කිසිවෙකු කතා කිරීමට අකමැති බවත් තමා හොරකමට වංචාවට යොමු නොවූයේ සිය පියා නිසා බවත් හෙතෙම සඳහන් කරයි.

උපතින්ම දූෂිත, ක්‍රමය තුළ දූෂිත සහ අදූෂිත යැයි පුද්ගල කණ්ඩායම් තුනක් රටේ ඇතැයි පෙන්වා දුන් දිලිත් ජයවීර, හොරු ඇල්ලීමට සූදානම් වන පිරිස උපතින් ම දූෂිත යැයි ද ප්‍රකාශ කළේය.

ඔවුන් දූෂණ විරෝධී කලාපයේ සිට ද අදූෂිත වමේ සිට ද බුදු දහම වෙනුවෙන් පෙනී සිටිමින් ද දූෂණයෙහි නිරත වන බව ද ඔහු කීය.

අද දූෂිතයා සොයාගත නොහැකි තරම් සමාජය සංකීර්ණ වී ඇතැයි ද දූෂිතයාගෙන් ගැලවිය නොහැකි තැනට සමාජය පත්ව ඇතැයි ද දිලිත් ජයවීර වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *