හාල් මිල අඩු නොකළොත් රටින් ගේනවා..! – වෙළඳ ඇමැති…

October 28, 2023 at 7:28 pm | by emanisa.lk

සහල් මිල අඩු කිරීමට කටයුතු නොකළහොත් නැවතත් සහල් ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ වෙළඳපොළේ පාලන මිල ඉක්මවා අත්තනෝමතික ලෙස ඉහළ මිලට සහල් අළෙවි කරන බවයි.

“අපි සහල් සඳහා ලබාදුන්න පාලන මිල ඉක්මවා කටයුතු කරන්න සහල් නිෂ්පාදකයෝ සහ සහල් වෙළෙන්දෝ කටයුතු කරනවා.

මේක රටේ ජනතාවට දරා ගන්න බෑ. මම දිස්ත්‍රික්කවලට ගිහින් ඉදිරියේ දී නායකත්වය දීලා මමත් අධ්‍යක්ෂවරුත් අනිවාර්යයෙන් වැටලීම් කරනවා.

ඒවා තුළින් පාලනය කරගන්න බැරි වුණොත් හාල් මිල. අපිට හාල් ආනයනය කරන්න අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා මම නිලධාරීන්ට දැනුම්දුන්නා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *