හරීන්ගේ පුස් ගූගල් බැලුම උඩ යවන්න රු. ලක්ෂ 88ක් ගිල ලා!

December 10, 2020 at 5:48 pm | by emanisa.lk

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර අසාර්ථක වූ ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා රු. ලක්ෂ 88ක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය විය.

ඒ මෙම ව්‍යාපෘතිය ප්‍රවර්ධනය සඳහා රු. ලක්ෂ 06ක් ද ආම්පන්න සඳහා ලක්ෂ 18ක් ද එම ව්‍යාපෘතියේ Y5 පහසුකම් සඳහා ලක්ෂ 64ක් ද වශයෙනි.

මෙම මුදල් ගෙවීම නිසි ලෙස ගිණුම්ගත කර නොමැති බවත් ඇතැම් ගනුදෙනු සඳහා නිසි අවසරය ගෙන නොමැති බව ද එහි දී වැඩි දුරටත් අනාවරණය විය.

කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රැස්ව ICTA ආයතන ප්‍රධානීන් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය කෙරිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *