හයිවේ වගේ ම ප්‍රතිලාභ ලැබෙන දවසට වරාය නගරේ අගය වැටහෙයි…! – මහින්ද…

May 23, 2021 at 9:47 am | by emanisa.lk

කොළඹ වරාය නගරයට විරුද්ධ වන පිරිස් ඉදිරියේ දී ඉන් ප‍්‍රතිලාභ ලැබෙන විට සත්‍ය වටහාගනු ඇතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි.

රටක ඕනෑම සංවර්ධන වැඩසටහනක දී ඊට විරෝධය පෑම සහ චෝදනා එල්ල කිරීම දේශපාලන පක්‍ෂවල සාමාන්‍ය ප‍්‍රතිපත්තිය බවත් ආණ්ඩුව වරාය නගරය ඉදිකිරීම සඳහා කටයුතු කරන්නේ රටේ අනාගත පරපුරේ දියුණුව වෙනුවෙන් බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය නගරය තුළින් බිහිවන රැකියාවලින් සියයට 75ක් ලැබෙන්නේ ශ‍්‍රී ලාංකිකයින්ට බවත් ඒ අනුව රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශීර්වාද කරන සියලු දෙනා වරාය නගරය ඉදි වනු දැකීමට කැමැති බවත් අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *