හම්බන්තොට වරායේ ගල ඩොලර්වලට රට පටවයි…!

January 30, 2024 at 5:29 pm | by emanisa.lk

හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කඩිනමින් අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එම ගල් මාගම්පුර වරාය භුමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇත.

පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබෙඳ අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *