හදිසි මැතිවරණයක් නෑ…! ඡන්දේ අවුරුද්ද අන්තිමේ…!

January 9, 2024 at 11:05 am | by emanisa.lk

මෙම වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

“මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සලකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.”

දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton හමුවූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *