සෞඛ්‍ය ඇමැතිකම සමග රාජිත ආණ්ඩුවට…! පාඨලීගෙන් උණුසුම් සුබ පැතුම්..!

November 12, 2022 at 4:13 pm | by emanisa.lk

තමා ඉදිරියේදී ආණ්ඩුවට එකතු වන හිටපු අමාත්‍ය, සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න තහවුරු කර තිබේ.

බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති දානමය පිංකමකට පසු රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ පොහොට්ටු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අතර කතාබහ අතර මේ බව රාජිත සේනාරත්න සඳහන් කර තිබේ.

තමන් ආණ්ඩුවට එකතු වන සඳහන් කළ රාජිත සේනාරත්න, ලලිත් වර්ණකුමාරට එජාපයට එකතු වන ලෙස ආරාධනා කර තිබේ.

එහි දී පාඨලී චම්පික රණවක ආණ්ඩුවට එකතු වන රාජිත සේනාරත්නට සුබ පතා තිබේ.

ආණ්ඩුවට එකතු වන රාජිත සේනාරත්නට සෞඛ්‍ය අමාත්‍ය ධූරය හිමි වනු ඇතැයි දැන ගන්නට තිබේ.

රු. 255 බැගින් වන එන්නත් 1653ක් රු. 40 869 බැගින් මිල දී ගෙන ඇත්තේ ද යහපාලන ආණ්ඩුවේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරය හොබවන සමයේ බවට ද මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *