සූර් වී රිය පදවා අනතුරක් සිදුකළ ක්‍රිකට් නායක දිමුත්ට එසැනින් ඇප දීලා! අනතුරට පත් අය නඩු එපා කී නිසා ඇප දුන්නා! – පොලිස් මධ්‍ය ප්‍රකාශක අමුුතු නීතියක් පහදයි…

April 1, 2019 at 3:21 pm | by admin

ඊයේ අලුයම බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු පොලිස් ඇපමත නිදහස් කර තිබිණි.

අනතුරට පත් ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ බිරිඳ ඉදිරි නීතිමය කටයුතු අනවශ්‍ය බවට බොරැල්ල පොලිසියේ ප්‍රකාශ දෙකක් සටහන් කර ඇති නිසා පොලිසිය ඇප ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහෙත් හිටපු රග්බි ක්‍රිඩක වසීම් තාජුඩීන්ගේ මරණය නඩු කටයුතුවලට ඈඳා ගෙන දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන ලෙස පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තබමින් ඉල්ලා සිටිය ද තවමත් නඩු අසයි.

කෙසේ වුවද අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට තාවකාලික වාහන පැදවීම තහනම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *