සුළු පක්ෂ ජාමේ බේරගැනීමේ සටනක….! සමානුපාතික ක්‍රමයට 40%ක් ම ඉල්ලයි….!

April 11, 2021 at 7:31 pm | by emanisa.lk

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී මන්ත්‍රීන් තේරීමේ අනුපාතය විය යුත්තේ කොට්ඨාස මට්ටමින් 60%ක් සහ සමානුපාතික ක්‍රමයට 40%ක් වශයෙන් විය යුතු යැයි රජයට සම්බන්ධ හවුල්කාර පක්ෂ ගණනාවක් ආණ්ඩුවට යෝජනා කර තිබේ.

එම පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේ දැනට යෝජනා කර ඇත්තේ කොට්ඨාස ක්‍රමයට 70%ක් යන ප්‍රතිශත ක්‍රමයට 30%ක් වන ලෙස මන්ත්‍රීන් තෝරා පත්කර ගතයුතු බවටයි.

ඒ අතර උතුරේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා රජයට යෝජනා කර තිබෙන්නේ මෙම මිශ්‍ර ඡන්ද ක්‍රමයට තමන් අකමැති බැවින් පැරණි මනාප ක්‍රමයම අනුගමනය කරන ලෙසයි. කෙසේ නමුත් දැන් එම මිශ්‍ර ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුව අනුමත කර ඇති නිසා පළාත් සභා ඡන්ද පනත නැවත සංශෝධනය නොකර ඡන්ද ප්‍රතිශත වෙනස් කිරීමට නීතිමය ඉඩක් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *