සීනිවලින් ජාවාරම්කාරයෝ බිලියන 70ක් ගසා කෑවා….! ඇමැති බන්දුල වහා ඉල්ලා අස්වනු….! – පාඨලී…

August 30, 2021 at 2:22 pm | by emanisa.lk

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිල දී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අද (30) මේ බව සඳහන් කළේ ය.

රුපියල් 92කට මිල දී ගත හැකි සීනි කිලෝවක් රුපියල් 220කට අලෙවි කිරීමට ඉඩ දීම පිළිබඳ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාඨලී රණවක සඳහන් කළේය.

එසේ ඉල්ලා අස් නොවී තව දුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින්නේ නම් එම ජාවාරම්කරුවන්ගෙන් අමාත්‍යවරයාට කොමිස් මුදල් ලැබෙන බවට සැක කිරීමට සිදුවන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සීනි කිලෝවකින් රුපියල් සියයකට අධික ලාභයක් ලබමින් ජාවාරම්කරුවන් රුපියල් බිලියන හැත්තෑවක් පමණ වසරකට උපයමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *