සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටුවන්න සුදුසුකම් ගෝඨාභයට තියෙනවා! චම්පක කියන අවස්ථාවාදියා එහෙම ප්‍රතිඥාවක් දුන්නත් අපි පිළිගන්නේ නෑ! – ආචාර්ය නලින් ද සිල්වා (video)

June 17, 2019 at 11:29 pm | by emanisa.lk

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට සුදුසුකම් ඇති පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව චින්තන පර්ෂදයේ ලේකම් ආචාර්ය නලින් ද සිල්වා පවසයි.

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවමු” මැයෙන් සංවිධාන කිහිපයක් එකතුවී කොළඹ දී අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න ඕන‍ සිංහල බෞද්ධ රාජ්‍යය ගැන ප්‍රතිඥා දෙමින්. ඔහු චම්පික නම් පිළිගන්නෙ නැහැ
අවස්ථාවාදියෙක් ප්‍රතිඥා දුන්නට පිළිගන්නෙ නැහැ.”

“සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න බැරි. නිවට සිංහල බෞද්ධ දේශපාලකයින් නිසා. රනිල්, මෛත්‍රී, මහින්ද,බැසිල් සිංහල බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ අය බලන්නෙ සිංහල බෞද්ධ නොවන ඡන්ද දිහා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස