සිංහල බෞද්ධ ආණ්ඩු හදනවා නම් උතුරු නැඟෙනහිර ඡන්දය ඉල්ලන්න එපා! – උතුරු නැඟෙනහිර ඊළම් ඔප්පුව ලියමින් ජවිපෙ කියයි…..

December 28, 2019 at 1:52 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව ඉදිරි මහ මැතිවරණයට පසුව තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටු වීමට සූදානම් වන්නේ නම් උතුර හා නැගෙනහිර පළාත්වල ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ඉදිරි මහ මැතිවරණයෙන් පසු අත්සන් කිරීමට සූදානමක් ඇති බවද කී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ මේ ගැන මහ හයියෙන් කෑ මොර දුන් බව ද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද කරමින් ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ දේවල් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස