සෑම පැයකට ම 03 දෙනෙක් මිය යනවා…! සංචරණ සීමා නොදැම්මොත් කොවිඩ් දිනනවා…!

August 6, 2021 at 8:44 am | by emanisa.lk

වෛසරය සහ එන්නත්කරණය අතර තරගයෙන් අප ජය ගැනීමට නම් ඉතා කෙටි කාලයකට සංචරණ සීමා යෙදවීම එක ම විසඳුම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අනාවරණය කරන්නේ සෑම පැයකට ම කොවිඩ් මරණ තුනක් පමණ මෙරටින් වාර්තා වන බවය.

‌ඩෙල්ටා ප්‍රභේදයේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව තුළ 4 වැනි රැල්ලක් මේ වන විට ආරම්භ වී ඇති බවක් දක්නට ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අනතුරු අඟවයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ ජාතික රෝහල තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් පිරී ඉතිරී යන තත්ත්වයක් පවතින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *