සෑම ගමකට ම කාබනික පොහොර නිෂ්පාදනාගාරයක්….! නිෂ්පාදිත පොහොර තොග ආණ්ඩුව මිලට ගනී….!

July 9, 2021 at 8:09 am | by emanisa.lk

දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම්වල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

මේ වන විට දිවයිනේ සෑම ග්‍රාම සේවා වසමකම කාබනික පොහොර නිෂ්පාදකයකු බැගින් හඳුනාගෙන ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව ද කාබනික පොහොර නිෂ්පාදනයට එක්වෙමින් මිහින්තලේ වෙල්ලාරගම ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භ කර තිබෙන බව ද ෂෙහාන් සේමසිංහ අනාවරණය කළේ ය.

ගම් මට්ටමින් නිෂ්පාදනය කරන කාබනික පොහොර රජය මගින් මිල දී ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය ඇමතිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *