සැප්තැම්බර් අග වෙද්දි අපට කොවිඩ් පාලනය කරගන්න පුළුවන්…! – ආචාර්ය චන්දිම ජීවන්දර

September 1, 2021 at 7:04 am | by emanisa.lk

සැප්තැම්බර් මාසය අග වන විට මෙරට සැලකිය යුතු මට්ටමකින් රෝගීන් අඩුවනු ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

ආසාදිතයන් අඩු වී මරණ අඩු වීමට තවත් සති දෙකක් පමණ ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බව ද කියා සිටියේය.

ඔක්තෝබර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බව ද ඔහු පවසයි.

එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගනු ඇතැයිද ඔහු පැවසීය.

දෙරණ 360 සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස