සහරාන් අල්ලන්න බැරි වුණේ යහපාලන ආණ්ඩුව දිනවන්න උදව් කළ කණ්ඩායම් නිසා!

December 9, 2020 at 4:51 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුවට එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ එම ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් සහ ප්‍රබල පාර්ශ්වය නිසා බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සඳහන් කළේ ය.

ඊයේ (08) පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

තමන් ආරක්ෂක මණ්ඩල සාකච්ඡා සඳහා සහභාගී විණි ද එහි දී සහරාන් පිළිබඳ සාකච්ඡා කළේ ද යනුවෙන් එම කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළ විට ඇමැති දයාසිරි ජයසේකර මෙසේ පිළිතුරු දුන්නේ ය.

“ඔව් මම සහභාගි වුණා. අත්අඩංගුවට ගැනීම පිළිබඳ සාකච්ඡා වුණ වෙලාවේ සහරාන් ලංකාවේ සිටියේ නැහැ කියන එක තමයි මතුවුණේ.

මොහු ගැන කතා වුණේ 2016 වගේ ඉඳලා. නමුත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවුණේ ඇයි කියන කාරණය පැහැදිලියි.

යහපාලන රජය තුළ සිදුවු අභ්‍යන්තර ආරවුල්, ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විවිධ පාර්ශවවල බලපෑම් මෙවැනි අත්අඩංගුවට ගැනීම් මඟ හැරෙන්න හේතු වුණා.

මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි ගේන්න ගියා එක රටක් එක නීතියක් කියලා ප්‍රතිපත්ති මාලාවක්. එය පවා ගේන්න බැරිවුණේ ඒ වෙද්දි ආණ්ඩුවේ හිටපු මුස්ලිම් අමාත්‍යවරු සහ ප්‍රබල පාර්ශව නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස