සරත් වීරසේකර කෑ ගැහුවට පළාත් සභා අහෝසි කරන්නේ නෑ….! – ඩග්ලස්…

February 20, 2021 at 7:36 am | by emanisa.lk

පළාත් සභාවල බලය අහෝසි කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ද්‍රවිඩ ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකිවන්නේ සම්පූර්ණ බලය බෙදීමකින් පමණක් බවත් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ නොයෙකුත් පක්ෂවල සාමාජිකයන් විවිධ මත දරන බවත් සරත් වීරසේකර ඇමැතිවරයා බලය බෙදීමට විරුද්ධව කතා කළ ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවට වැඩි බලයක් ලබා දී තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ද්‍රවිඩ ජනයාගේ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ සම්පූර්ණ බලය බෙදීමෙන් පමණක් වන බවට තමා දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළ බවත් කී ඇමැතිවරයා රජය පළාත් සභාවල බලය අහෝසි කිරීමට කිසිම පියවරක් ගෙන නැති බව තමාට ස්ථිරව කිව හැකි යැයිද කීවේය.

එනිසා ‘ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න’ ඕනෑ කියන මතයට අනුව දමිළ ජනතාව තමා වෙත ලබා දුන් ජන බලය මත එම ජනතාවගේ දේශපාලන අයිතීන් ලබා ගැනීමට කටයුතු කිරීමටත් ඔවුන්ට එදිනෙදා බලපාන ගැටලුවලට විසඳුම් ලබා දීමටත් තමා ක‍්‍රියා කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *