සකලවාසී බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සේපාල් අමරසිංහ සූදානම් බව නීතිඥ දර්ශන කුරුප්පු අද (14) අධිකරණය හමුවේ කියා සිටියේය.
ඔහු මෙලෙස සමාව අයැද සිටීමට සූදානම් බව ප්‍රකාශ කළේ, දළදා වහන්සේට අගෞවරයක් වන අයුරින් ප්‍රකාශයක් කළ බවට වන චෝදනා සම්බන්ධයෙනි.
කෙසේ වුව ද සැකකරු මෙම 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.