සමගි බලවේග ආණ්ඩුවක් යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය හදනවා…! – සජිත්…

October 14, 2021 at 3:21 pm | by emanisa.lk

අද වන විට රටේ ධීවර ජනතාව බලවත් පීඩාවකට ලක්ව සිටින බවත් එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට අඩු තරමේ ධීවර ප්‍රජාවට හෝ වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කොට නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුව බහුජාතික කම්පැනිවල රූකඩයක් බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව මේ රටේ ධීවර ජනතාවගේ අයිතීන් විදේශීය ඩොලර් කාක්කන්ට පවරා ඇති බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) “ගොවි හදගැස්ම” වැඩසටහනට සමගාමීව ධීවර ගැටලු විමසීමේ වැඩසටහනකට ද එක් විය.

අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිත ධීවර ප්‍රජාව හමුවූ විපක්ෂ නායකතුමා ඔවුන් ගේ ගැටලු පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කළේය.

ඒකාන්ත වශයෙන්ම සමගි ජන බලවේග රජයක් යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරන බවත් මේ රටේ මත්ස්‍ය අස්වැන්න නෙලන ධීවර ප්‍රජාවගේ ජීවිත ගොඩ නැංවීමේ කටයුත්ත ඉටු කරන බවත් එහි දී විපක්ෂ නායකතුමා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස