සජිත් වගේ විපක්ෂ නායකයෙක් ජීවිතේට දැකලා නෑ…! – අමරවීර..

November 28, 2023 at 9:58 am | by emanisa.lk

තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේ දී සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂ නායකයෙක් දැක නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් සැම විටම රජය විසින් ක්‍රියාත්මක කරන හොඳ වැඩවලට සහයෝගය දුන් නමුත් වත්මන් විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහා ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය නොදෙන බවයි, අමාත්‍යවරයා පවසන්නේ.‍

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බටඅත නව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ ගොවින්ට කෘෂි උපකරණ ලබා දෙමින වැඩසටහනට එක්වෙමිනි.

කතානායකතුමා විපක්ෂ නායකවරයා තම බලතල අයථා ලෙස භාවිත කිරීම පාලනය සඳහා පියවර ගත යුතුව ඇතැයි ද මන්ත්‍රීවරුන්ගේ විනයගරුකභාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *