සජිත්ට බස් එළවන්න ලයිසන් තියෙනවා ද? – ඩයනා ගමගේ…

January 19, 2023 at 4:31 pm | by emanisa.lk

විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යන අතර බස් එළවන්නට ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ විමසයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී ඩයනා ගමගේ මේ බව විමසුවාය.

බස් එලවන්න වෙනම ලයිසන් අවශ්‍ය බව කී ඩයනා ගමගේ, විපක්ෂ නායකවරයාට එ් ලයිසන් එක තිබේ දැයි ප්‍රශ්න කළාය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුව තිබෙන බව ද ඇය සඳහන් කළාය.

මැතිවරණ සඳහා වියදම් කිරීමට මුදල් කොහෙන් එනවද යන ජනතාව දන්නේ නැතැයි ද තියන අය විශාල වශයෙන් වියදම් කරන අතර නැති අය නිකංම ඉන්න බව ද ඩයනා ගමගේ කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *