සජබ විරෝධතාවට පොලිසියෙන් කඳුලු ගෑස්…!

February 20, 2023 at 5:12 pm | by emanisa.lk

කොළඹ දී සංවිධානය කර තිබූ සමගි ජනබලවේග විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් පැවති මෙම විරෝධතාවට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටි බව වාර්තා වෙයි.

පොලිසිය සහ සජබ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද එහි දී වාර්තා විය.

අධික වර්ෂාව මධ්‍යයේ පැවැති විරෝධතාව හේතුවෙන් පිටකොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *