සජබ නියෝජ්‍ය නායකකම ඩලස්ට ඉල්ලයි…!

December 17, 2023 at 12:00 pm | by emanisa.lk

සමගි ජන බලවේගය සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉල්ලා තිබේ.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකතවය යටතේ එම ධුරය ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් එම ඉල්ලීමට සමගි ජන බලවේගයේ බහුතරය විරෝධය පළකර ඇති අතර එම සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය ලක්ෂ්මන් කිරිඇල්ලට හෝ රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයෙකුට හිමිවිය යුතුයැයි ඔවුන් පවසා තිබේ.

මෙම නව සන්ධානය සැකසීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අදාළ ඉල්ලීම ඩලස් අලහප්පෙරුම විසින් සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *