සංචරණ සීමාවල ප්‍රතිඵල තියෙනවා….! ඉදිරියේ දී ආසාදිතයින් සහ මරණ අඩු වෙයි….! – ආචාර්ය චන්දිම ජීවන්දර

June 10, 2021 at 5:46 pm | by emanisa.lk

දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවත් පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීම ද අඩු වී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඉදිරි මාස කිහිපයේ දී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩු වේ යැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරයි.

“නව පරීක්ෂණවලින් අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නව සැර කොරෝනා වෛරස ප්‍රභේද තවත් ප්‍රදේශ ගණනාවකින් හමුවුණා. ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයා හමුවී ඇත්තේ සමාජයෙන් නොවෙයි.

ඔහු හමුවෙලා තියෙන්නෙ වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. ඒ නිසා ඔහුගෙන් සමාජයට බලපෑමක් නැහැ.

මීට පෙරත් ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයකු හමුවුණා. ශ්‍රී ලංකාවේ රෝගය දැනට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය පදනම් කරගෙනයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *