සංචරණ අවසරපත් අත්‍යවශ්‍ය නොවන අයටත් දීලා…! එය වහා ම නතර කරන්න…!- GMOA

June 7, 2021 at 7:49 am | by emanisa.lk

අත්‍යවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා අවසර පත‍්‍ර අද (07) ලබා දීමේ දී අවශ්‍යම පිරිසට පමණක් අවසරය ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

සංචරණ සීමා පනවා ඇති වකවානුවේ මාර්ගයට පැමිණෙන වාහන අත්‍යවශ්‍ය වාහන ද යන්න නිසි ක‍්‍රමවේදයකට සොයා බැලිය යුතු බවද එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සමන්ත ආනන්ද පවසයි.

මේ වන විට රට විවෘත කිරීමට ජුනි 14 වැනි දා යොදා ගෙන ඇති බවත් එසේ විවෘත කරනවා නම් එකවරම එය සිදුකරනවා වෙනුවට නිසි අධ්‍යයනයක් සිදුකර එහි ප‍්‍රගතිය සමාලෝචනය කර විවෘත කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *