ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය මෙන් ම සමාජයීය තත්ත්වය ඊනියා අරගලකරුවන් විසින් විනාශ කරන ලද බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඊයේ (03) අරලිය ගහ මන්දිරයේ දී නාගරික සංවර්ධන අමාත්‍යංශ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
රට ගොඩ නගමින් පැවැති සාර්ථක වැඩපිළිවෙළ විනාශ කරන ලද ඊනියා අරගලකරුවන් මේ ආර්ථික විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවයි, ඇමතිවරයා අවධාරණය කළේ.
පසුගිය රජය සමයේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ගනු ලැබූ සියලු සැලසුම් හා ව්‍යාපෘති සියල්ල නතර කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය හා රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් බව ද ඔහු පැවසීය.
තම අමාත්‍යංශයට අනුව ආර්ථික වශයෙන් නැගී සිටීමට නම්, නිවසක් නැති අයට නිවසක් ලබා දීම මිස ගෙවල් ගිනි තබා විනාශ කිරීම නොකළයුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.