ශ්‍රී ලංකාවට ලැබෙන කොවීඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට…!

December 28, 2020 at 10:15 am | by emanisa.lk

කොවිඩ් මානුෂීය ආධාර ත්‍රස්ත සංවිධාන අතට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රුසියාව මෙ රට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යුරයි මටෙරි සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයා ගන්නා මුදල් ත්‍රස්තවාදී සංවිධානවලට ලැබීමේ අවධානමක් ඇති බවත් මානුෂීය මුහුණුවර යටතේ ඇති ඇතැම් සංවිධාන යටතේ මෙම මුදල් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ලැබිය හැකි බවත් තානාපතිවරයා පෙන්වා දී තිබේ.

එම නිසා රුසියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කරන ලෙස තානාපතිවරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත. තවද ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට රුසියාව ලබා දෙන පුහුණුව නවීන තාක්ෂණය භාවිත කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාමටද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ අතර ලබන වසරේ (2021) රුසියාවේ ආරක්ෂක සමුළු දෙකක් පැවැත්වීමට සූදානම් බව ද තානාපතිවරයා අනාවරණය කර ඇත. එම සමුළු දෙකට එක්වන ලෙස රුසියානු තානාපතිවරයා ඇමැතිවරයාට ආරාධනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *