ශ්‍රී ලංකන් දස ලක්ෂයේ පඩි කන්නේ යහපාලන ආධාරකාරයොලු!

January 25, 2019 at 8:21 am | by admin

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයන් 190කට මාසයකට රු. මිලියන 570කට අධික මුදලක් වැටුප් ලෙස ගෙවීමට සිදුව ඇත්තේ යහපාලන ආණ්ඩුවේ සේවක බඳවා ගැනීම් නිසා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි.

පසුගියදා ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රු. දස ලක්ෂයට වඩා වැටුප් ලබන සේවකයන් 190ක් සිටින බව අනාවරණය විය. මේ අතර විශාල වශයෙන් පාඩු ලබන එම ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව ආයෝජකයකු සොයන බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *