ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්…!

July 20, 2023 at 10:31 am | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් (Reyaz Mihular) පත්කර තිබේ.

අද (20) උදෑසන එම ආයතනයේ පැවැති විධායක කමිටු රැස්වීමක දී මෙම පත්කිරීම සිදුකර තිබේ.

මේ අනුව මෙතෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දුගේ ධූර කාලය අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීමේ (ප්‍රතිව්‍යුහගතකකරණය) සැලසුමේ කොටසක් ලෙස මෙම පත්කිරීම සිදුකළ බවයි, වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වුව ද මෙම ගනුදෙනුවල කිසිදු පාරදෘෂ්‍යභාවයක් නැතැයි පවසන එහි සේවක පිරිස් මීට දැඩි විරෝධයක් එල්ල කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *