ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කෙරේ…! කොටස් 49%ක් විකුණා දැමේ…!

August 29, 2022 at 2:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 51% බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරනු ඇත.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා තව දුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයෝ එක්ව සිටියහ.

2021 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674 ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙන් අනාවරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *