ශ්‍රීලනිපය බැස්සා විතරයි හෙලිකොප්ටරේ ආ ගිය අතක් නෑ…! – දයාසිරි…

February 10, 2023 at 8:01 pm | by emanisa.lk

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නිදහස ජනතා සභාව සමග සන්ධානගතව ඉදිරිපත් වීමට යාමේ දී ගැටලු මතු වූ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මැතිවරණයට තරඟ වැදීම සඳහා ශ්‍රීලනිපයට අපේක්ෂක කෝටාව ලබා දීමේ දී නිදහස ජනතා සභාවේ නායකයින් කේවල් කළ බවත් ඔහු අනාවරණය කරයි.

ඒ නිසා ශ්‍රීලනිපය මැතිවරණයට තනිව තරඟ වැදීමට තීන්දු කළ බව සඳහන් කළ දයාසිරි ජයසේකර, එහි ප්‍රතිඵලය ලෙස නිදහස ජනතා සභාව හොයා ගන්නවත් නොමැති තැනට පත්ව ඇතැයි ද ප්‍රකාශ කරයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වූයේ යැයි සී.වී. විග්නෙශ්වරන් මහා සංඝ රත්නයට අපහාස කළ බවත් ඔහු මහා සංඝ රත්නයෙන් සමාව ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *