13 බලාත්මක කළොත් රට දෙකඩ වීම අනිවාර්යයි…! – විමල්…

January 16, 2023 at 4:36 pm | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කොට ඉතා කෙටි කලකින් ලංකාව දෙකඩ වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාවට පොරොන්දු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කොට ඇත.

ඔහු එමගින් පෙන්වා දෙන්නේ, 13 බලාත්මක කිරීම මගින් උතුරේ බෙදුම්වාදී දේශපාලනඥයින්ගේ අරමුණු ඉටු වුව ද ජනතාවගේ දිගුකාලීන ගැටලුවලට විසඳුම් නොලැබෙන බවයි.

රනිල් වික්‍රමසිංහ මෙයට පෙර දෙවතාවක් 13 බලාත්මක කිරීම ඔස්සේ රට ෆෙඩරල් කිරීමට උත්සාහ කළ බවත් දැන් ඒ උත්සාහය නැවත දරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *