ශ්‍රීලනිපය තියෙන්නේ අපේ අතේ…! ඩාලි පාරේ බිල්ඩිමේ නෙමෙයි…! – අමරවීර…

December 29, 2022 at 3:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන පිරිත් පිංකම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක ද සහභාගී විය.

මෙහිදී පැවසුවේ ශ්‍රිලනිප පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කීවේ ශ්‍රිලනිප මහ ලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *