ශ්‍රීලනිපය ආයෙමත් තිරිහන් වෙයි…! අත-හැර ගිය පිරිස යළි අතට…!

June 17, 2023 at 6:29 pm | by emanisa.lk

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමඟ සිදු කරන සාකච්ඡා සාර්ථක වී ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද පවසයි.

ඉවත්ව ගිය පිරිසට නැවත පැමිණෙන ලෙසට පක්ෂ නායකවරයා විසින් සිදු කළ ආරාධනා හේතුවෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූ බවත් එම සාකච්ඡා සාර්ථක වූ බවත් හෙතෙම සඳහන් කළේය.

එහෙයින් පක්ෂය නුදුරේදීම වෙනසකින් යුතුව ආරම්භ වන බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *