ශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑ..!

July 16, 2023 at 7:09 pm | by emanisa.lk

දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඒ සඳහා ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 31,657ක් පමණ වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *