ශ්‍රීලන්කන් නිසා සෑම ලාංකිකයෙක් ම රු. 32000ක් ණයයි…!

April 29, 2023 at 10:40 am | by emanisa.lk

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක් පුද්ගලයෙකුට රුපියල් 32,000 ක ණය මුදලක් දැරීමට සිදුවන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළිවිය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර එහි දී මෙසේ ප්‍රකාශ කළේය.

“පසුගිය වසර දෙකක කාලය තුළ මෙහෙයුම් ලාභයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි වර්ධනයකුත් තියෙනවා.

නමුත් අවාසනාවකට සමුච්චිත අලාභය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. බිලියන 1.2ක අලාභයක් එකතුවෙලා තියෙනවා.

අපි ගණනය කරලා බැලුවා. ඒක පුද්ගල ශ්‍රී ලාංකික ණය උරුමය කීය ද කියලා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමස්ත අලාභය ජනගහනයෙන් බෙදුවොත් අයෙකුට රුපියල් 32,000ක් විතර ණය කොටසක් යනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස