ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවෙක්! ඔහු හමුදාපති කිරීම දෙමළ ජනතාව හෑල්ලුවට ලක්කිරීමක්! – TNA

August 20, 2019 at 12:49 pm | by emanisalk

නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ගත් පියවර දෙමළ ජාතිය හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් බවත් ඒ ගැන දැඩි අප්‍රසාදය පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

යුද අපරාධ චෝදනා එල්ල වූ මෙවන් අයකු හට යුද හමුදාපතිධූරය ලබාදීම ගැන කනගාටු වන බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

යුද හමුදාපතිව සිටි ලුතිනන් ජනරාල් මහේෂ් සේනනානායකගේ විශ්‍රාම යාමෙන් පසු එම ධූරය සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර ඒ පිළිබඳ අප්‍රසාදය පළකරමින් සුමන්තිරන් සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම අදහස් පළකර ඇත.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස