විශ්වාසභංගයක් ගේන්න ඕන බදියුදීන්ට එරෙහිව නෙමේ, මහින්දට සහ මෛත්‍රීට විරුද්ධවයි!

May 21, 2019 at 4:15 pm | by admin

විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ ඉකුත් කාලයේ මෙන්ම වර්තමානයේද රට තුළ මතුව ඇති ව්‍යාකූලත්වයන්ට නිසි ක්‍රියාමාර්ග නොගත් නගකීමෙන් කටයුතු නොකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි

වර්තමාන ජනාධිපතිවරයා වගකීමෙන් කටයුතු නොකරන බවට ද හිටපු ජනාධිපතිවරයා තමාගේ වැරදි අනුන් මත පටවන බවට ද චෝදනා කළේය.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවා තිබිය දී ජනාධිපතිවරයා රටෙන් බැහැර වූ බවත් ප්‍රහාරය සැල වූ වහා පැය තුනකින් ලංකාවට පැමිණිය හැකි වුවත් එසේ නොකළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ප්‍රහාරයට වගකිව යුත්තේ ගෙදර යැවූ පොලිස්පති සහ ආරක්ෂක ලේකම් නොව ත්‍රස්තවාදය හිස ඔසවද්දි කිසිවක් නොකළ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස