විල්පත්තුවේ කොන කපාපු බදියුදීන් මං! පැෂන් ඩිසයිනින් කළාට මුදල් ඇමති මං! සදාලෝක පූජිත ගම්මානේ! අපි යූඇන්පී! – ඉරාජ් ගීතයකින් සමාජජාලා ඇවිළෙයි…(video)

September 16, 2019 at 9:39 am | by emanisa.lk

පසුගිය සමයේ ආණ්ඩුව කර්කෂ ලෙස විවේචනය කිරීම නිසා මිලියනයක් පරිශීලකයන් සහිත ෆේස්බුක් ගිණුම පවා අහිමි වූ ඉරාජ් වීරරත්න නැවතත් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ගීතයක් නිකුත් කර තිබේ.

ඉරාජ් මෙම නවතම ගීතය මැතින්ටා යනුවෙන් නම් කර තිබේ.

ආණ්ඩුව බලයට පත්වීමේ දී ලබා දුන් පොරොන්දු සහ අනතුරුව කටයුතු කළ ආකාරය මෙහි සෝපාහාසයෙන් යුතුව හෙළි කරයි.

විද්‍යාත්මක ඇමති මණ්ඩලය, වරාය විකුණා දැමීම, විල්පත්තුව විනාශ කිරීම, සමරිසි අයිතිය නීතිගත කිරීමට උත්සාහ කිරීම ඇතුළු ආණ්ඩුවේ බොහෝ නොකටයුතු මෙමගින් ජනතානට නැවත නැවත සිහිපත් කරවයි.

එසේම එම ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධානවල වර්තමාන හැසිරීම ද එහි දී හාස්‍යයට ලක් කරයි.

ඊයේ (15) යූටියුබ් ඔස්සේ නිකුත් කළ මෙම ගීතය පැය 24ක් ගතවීමට පෙර ලක්ෂ 3.5 නරඹා ඇති අතර 370000ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස