වියත්මගට නොපැමිණි වෛරසවේදී මහාචාර්යවරිය කොවිඩ් මර්දන ව්‍යාපෘතියෙන් පන්නයි…! – මහාචාර්ය තිස්ස විතාරණ..

August 26, 2021 at 7:47 am | by emanisa.lk

වෛරසවේදය පිළිබඳ එංගලන්තයෙන් පශ්චාත් උපාධි ලැබූ, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ අංශාධිපති ව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු වර්තමාන කොවිඩ් වසංගත මර්දන ව්‍යාපෘතියෙන් ඉවත් කර ඇති බව වෛරසවේදය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන තිස්ස විතාරණ පවසයි.

තමා මෙන්ම එම මහාචාර්යවරිය ද වියත්මගේ කටයුතුවලට සම්බන්ධ වීමට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද මහාචාර්ය තිස්ස විතාරණ අනාවරණය කළේ ය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු කොවිඩ් මර්දන ව්‍යාපෘතියෙන් ඉවත් කිරීම සහ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම අතර සම්බන්ධයක් ඇත්දැයි තමන් නොදන්නා බව ද මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඊයේ (26) සිරස සටන වැඩසටහනට සහභාගී වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය සහ මහාචාර්ය තිස්ස විතාරණ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස