විමසිලිමත් වන්න! මහවැලි ගඟ පිටාර ගලයි! කැලණි කළු ගිං ගංගා ජල මට්ටම ඉහළට! – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

August 13, 2019 at 9:54 pm | by emanisa.lk

පවතින දැඩි වර්ෂාපතනය සමඟ කැලණි කළු සහ ගිං සහ ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙම ගංගාවන්හි ධාරා ප‍්‍රදේශයන්ට ලැබෙමින් පවතින තද වැසි හේතුවෙන් කැලණි ගඟ දැරණියගල හා කිතුල්ගල ප‍්‍රදේශයන්ගෙන්, කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් සහ ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයෙන් පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.

ඉදිරියේදීත් වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර ඇති බැවින් මෙම ප‍්‍රදේශයන්හි පහත්බිම්වල ජීවත්වන ජනතාව හා එහි අතු ගංගාවන් දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව සැළකිලිමත් විය යුතු බව ඇය කීවාය.

කෙසේ වෙතත් ගංගාවන්හි ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විමසිල්ලෙන් පසුවන බවත් ජල මටට්ම ඉහළ යාමේ අවදානම් අවස්ථාවල කල්වේලා ඇතිව ජනතාව දැනුම්වත් කරන බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *