විමල් වීරවංශ අත්අඩංගුවට…!

March 13, 2023 at 12:52 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහ ජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කර ඇත. අනතුරුව අදාළ නඩුව ජුනි මස 19 දින යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *