විමල් වීරවංශලා මාලිමාවට ගන්නේ නෑ..! – ලාල්කාන්ත..

January 16, 2024 at 4:03 pm | by emanisa.lk

පසුගිය සමයේ වෙනත් දේශපාලන පක්ෂවල සහ ආණ්ඩුවල කටයුතු කළ පිරිස් ජාතික ජන බලවේගයට සම්බන්ධන කර ගැනීමට සූදානම් නොමැති බව එහි විධායක මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

විමල් වීරවංශලාට ජාතික ජන බලවේගයට සම්බන්ධ වීමට අවශ්‍යතාවක් ඇති වීම පිළිබඳ සතුටු වන නමුත් තවම එවනි සන්ධානයකට තීරණයක් නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ මිස එහි වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නැතැයි විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

ජාතික ජන බලවේගයට චන්ද්‍රිකා රැල්ල, ගෝඨා රැල්ල මෙන් රැල්ලක් නොමැති බවත් බුද්ධිමත් ජනතාව සිය වගකීම අවබෝධ කරගෙන වේගයෙන් සිය පක්ෂය වටා එකතු වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *