විමල් මා හමුවන්න වෙලාවක් ඉල්ලමින් පස්සෙන් ආවා…! – සජිත්….

March 21, 2021 at 12:04 pm | by emanisa.lk

ඇමැති විමල් වීරවංශ සහ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේ දී හමු වී සාකච්ඡාවක් පැවැත් වූ බවට පළවූ වාර්තා අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව පවසා ඇතැයි සති අග ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

ඇමැති විමල් වීරවංශ තමන් මුණ ගැසීමට වෙලාවක් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස එහි දී වැඩි දුරටත් පවසා තිබේ.

අදාළ හමුව පිළිබඳ පුවත සම්බන්ධයෙන් ඇමැති වීරවංශ ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එය අසත්‍යයක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *