විපක්ෂ නායකතුමාට හූ කීම අනුමත කරන්න බෑ..! – රංගේ..

November 3, 2022 at 12:17 am | by emanisa.lk

මහජන විරෝධතාවයක දී ජනතාව විසින් රටෙි විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක ,ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්  ප්‍රමුඛ කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බව කී එජාප මහලේකම්වරයා, එක්සත් ජාතික පක්ෂය හොඳ මුල් අරටුවකින් පැවත එන පක්ෂයක් බැවින් කිසි විටෙක බාල වැඩවලට කැමති වන්නේ නැති බව සඳහන් කළේය.

කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයා හූ හඬ මැද්දේ පසුබා යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවද එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර සඳහන් කළේය.

විපක්ෂ නායක යනු රටේ හතරවැනි පුරවැසියා බව අමතක නොකළ යුතු යැයි කී එජාප මහ ලේකම්වරයා එවැනි තනතුරක් මෙලෙස හෑල්ලුවට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ද මරු පහරක් බව සඳහන් කළේය.

ඉදිරි නායකයකුට විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරීම සඳහා ඉතිරි කොට තැබීම සජිත් ප්‍රේමදාසගේ වගකීමක් බව ද එජාප මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *