විපක්ෂය දිගට ම රට වහන්න කියන්න පාරට බහින්න පොටක් පාද ගන්න….! – රෝහිත….

August 27, 2021 at 7:54 am | by emanisa.lk

රට දිගට ම වසා තබන්නැයි විපක්ෂය බලපෑම් කරන්නේ ඒ හරහා රටේ ආර්ථිකය බිඳ දමා බලය ඇල්ලීමේ වුවමනාවෙන් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

“විපක්ෂය දැන් රට වැහුවාම කියනවා ‘මදි, බාගෙට වහලා තියෙන්නෙ’ කියලා. වපර ඇහෙන් බලන මහත්තුරුන්ට වපරෙටනෙ පේන්නෙ.

කර්මාන්තශාලා ටික වැහුවාම, අපනයන ක්ෂේත්‍රය වැටුණාම, අපනයනය නැති වුණා ම රටට එන විදේශ විනිමය අහිමි වෙනවා. රටට එන ඩොලර් ටික නැතිවෙනවා.

ඩොලර් ටික නැති වෙනකොට තෙල් ටික ගේන්න බැරි වෙනවා. අවශ්‍ය කරන බෙහෙත් ටික ගේන්න බැරි වෙනවා. අන්න ඒක ඇති වුණා ම මේ අයට පුළුවන් අපි දැන් දේශපාලනික වශයෙන් ගොඩනැගෙන්න කියලා ආණ්ඩුව ගෙදර යන්න කියලා සටන් පාඨයක් හදා ගෙන පාරට බහින්න”

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *