විදුලි බිල 3%කින් අඩු කරනවා කීවා..! දැන් 14%කින් අඩු කරලා..! අපට සෑහිමකට පත්වෙන්න බෑ..! – ඕමල්පේ සෝභිත හිමි…

July 5, 2023 at 8:54 am | by emanisa.lk

විදුලි බල මණ්ඩලය විසින් 14%කින් විදුලි බිල අඩු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයින් ලෙස සෑහීමකට පත් නොවෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසති.

විදුලි බිලෙන් 3%ක් අඩු කරන බව පවසා එය 14%ක් වූයේ කෙසේද යන ප්‍රශ්නය පවතින බව ද උන්වහන්සේ පැවසූහ.

“අපිට තව සැකයක් තියෙනවා විදුලි බල මණ්ඩලය ගිය පාර කොහොමද 66% වැඩි කරන්න ඕනේ කිව්වේ. විදුලි බල මණ්ඩලය ඒ පෙන්නපු වියදම් බොරු කියලා අපිට දැන් ඕප්පු වෙනවා. විදුලි බල මණ්ඩලයේ ඉන්නේ දූෂිත නිලධාරීන්.

බිලියන 15ක තැන්පතු මුදල බිලියන 15 ප්‍රතිලාභ ආයෝජනයකට යෙදෙව්වාද? ලැබෙන ලාභය කීයද? ඒ කිසිවක් වෙලා නෑ. තැන්පතු මුදලේ පොළිය වංචනිකව ගන්නවා. විදුලි බල මණ්ඩලය විගණනයකට ලක්විය යුතුයි. අපි පාරිභෝගිකයින් වශයෙන් බරපතල අසාධාරණයකට ලක්වෙලා ඉන්නෙ.

මේ වන විට විදුලි බල මණ්ඩලයට ලැබෙන්න ඕන රුපියල් බිලියන 36ක් කපා හැරලා. එහෙම තියෙද්දි 25000 හිඟයට විදුලිය විසන්ධි කළා. ඇයි මෙහෙම අසාධාරණයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *