විජිතපුර බලකොටුව වනසා පල්ලියේ තාප්පය බැන්ද 10ක් අත්අඩංගුවට! සෙල්ලිපියක් අසල නිවසක මිරිස් ගලකට අරන්!

December 12, 2020 at 11:10 pm | by emanisa.lk

අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීම නිසා විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා නටබුන්වලට දැඩි හානි වී සිදුව ඇති බව පසුගියදා වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12) සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා, තාප්පය ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝ රථ රියදුරු ඇතුළු සහාය දැක්වූ පිරිසකි.

එමෙන්ම තාප්පය ඉදිකළ පල්ලියට යාබද නිවසක තිබී ඇඹරුම්ගලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකෙරන බව පොලීසිය පවසයි. එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට පත් පිරිස අතර වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස